Saturday, February 11, 2017

සිරි ලංකාවේ නුතන විද්යුත් ජනමාධ්‍ය කලාවේ අඩුපාඩු


කාලයකට පසුව කැස්පරයාටද බ්ලොග් අඩවියක් ලියන්නට සිත් විය .වසර 12 ක් පමණ බ්ලොග් කියවීම පමණක් කරත් බ්ලොග් එකක් ලියන්නට සිතුනේ පලවෙනි වතාවටය. ලියන්නට හිතුනත් ලියන්නේ මොනවද කියන කාරණයට අදහසක් ලැබුනේ ඊයේ හවස ජාතික රූපවාහිනියෙ  35 වසරක උපන්දින සැමරුම  පිළිබද දැන්වීම් දකින විටය. ඒ අනුව මුලින්ම  හා හා පුරා කියා සිරි ලංකාවේ නුතන විද්යුත් ජනමාධ්‍ය කලාවේ අඩුපාඩු  ගැන  ලිව්වානම් හොදයි කියා මට මුලින්ම හිතුනි. 



වර්තමානය වනවිට සිරි ලංකාවේ ගුවන්විදුලි නාලිකා 40ක් පමණත් රූපවාහිනි නාලිකා 25ක් පමණ (කේබල් ටීව් නාලිකා ඇතුළුව ) විකාශනය කරනු ලබයි. ආරම්භයේදී රාජ්‍ය අංශයට පමණක් අයත් නාලිකා පැවතියද  වර්තමානය වන විට රාජ්‍ය අංශය අභිභවමින් පවුද්ගලික අංශයේ   ටීව් හා ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් සිය විකාශන කටයුතු කරනු ලබයි.කෙසේ උවද මෙම නාලිකා සියල්ලෙන්ම අප අපේක්ෂා කරන ගුණාත්මක භාවය පවතිනවාද  යන්න  අප ටීව් බලනවිට හා  ගුවන්විදුලි නාලිකාවන්ට සවන් දෙන විට අපට දැනෙන ගැටලුවකි 




01. මුලින්ම අපට මතුවන ප්‍රශ්නයක් වන්නේ ඉතා විශාල නාලිකා ප්‍රමාණයක් තිබුනත් කොලබ ප්‍රදේශය හැරුණුවිට ලංකාවේ අනෙක් බොහෝ ප්‍රදේශවලට හොද ශ්‍රවන තත්වයකින් ඇහෙන්නේ හා පේන්නේ නැත . විශේෂයෙන්ම ඌව ,උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට මෙම තත්වය බෙහෙවින්ම බලපා  තිබේ . බොහෝ විද්‍යුත් නාලිකා වලට දිවයිනම ආවරණය කිරීමේ කිසිදු උනන්දුවක් නොමැත . කෙසේ නමුත් මෙම විද්‍යුත් සංකයාත වල හිමි කරුවන් වන්නේ මහජනතාව බැවින ,විද්‍යුත් නාලිකා හිමිකරුවන්ගේ වගකීම වනුයේ රටේ සියලූම ජනතාවට සවන්දීමට හා නැරබීමට හැකිවන පරිදි සිය නාලිකාවල ආවරණ කටයුතු පුළුල් කිරීමය . මෙය නියාමනයට විදුලි සංදේශ කොමිසම සිටියද දේශපාලන උවමනා හා පගාව  මත ඔවුන් ක්‍රියා කරන නිසා  නිසි නියාමනයක් සිදු වන්නේ නැත . 




02.අනතුරුව අපට  දැකගත හැක්කේ හැමදාමත් සාම්ප්‍රදායික ක්‍රමයට විකාශය කරනු ලබන වැඩසටහන්ය . බොහෝ නාලිකා අනික් නාලිකා කොපි කරමින් එකම ආකාරයේ වැඩසටහන් විකාශය කරනු ලබයි . ආකෘතියෙන් පිට යමක් අලුතින් කිරීමට බොහෝ නාලිකා වලට උනන්දුවක් නොමැත .ගුවන්විදුලි නාලිකා වල තත්වයද එලෙසමය . ගීත ඉල්ලීම , උපන්දින විහිල ,ගුවන්විදුලි නාට්‍ය වලට පමණක් ඔවුන් කාලය වෙන් කර ඇත .




03. පැරණි දේවල් මතම යැපීම අද බොහොමයක් විද්‍යුත් නාලිකාවන් ගෙන් අපට දැකගත හැක . විශේෂයෙන්  ජාතික රූපවාහිනිය තනිකරම අදටත් දුවන්නේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ කාලයේ විකාශය කල  වැඩසටහන් මතය .ඔවුන්ට අලුතින් සිතා නව නිර්මාණ කර ගැනීමට අපහසු ආකාරයක් දැකිය හැක . අනෙකුත් නාලිකා වල තත්වයද එසේමය .



04.විද්‍යුත් නාලිකාවල ප්‍රවුත්ති පිලිබදව සලක බලන විට බොහොමයක් නාලිකා දේශපාලන හා ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි මෙහෙයවනු ලබන බව පෙනේ .විශේෂයෙන් ඇතැම් කුඩා සිදූවීම් ඉතා විශාල කර පෙන්වීමත් , ජන මනස පරිහානියට පත් වන අන්දමේ ප්‍රවුත්ති පෙන්වීමත් බෙහෙවින් දැකිය හැක .එමෙන්ම විදෙස් ,තාක්ෂණික ,කළා, අධ්‍යාපන ,ක්‍රීඩා ප්‍රවුත්ති පිළිබද ලාංකීය නාලිකා ලබා දෙන්නේ ඉතාම අඩු අවධානයකි .



05. මිත්‍යාව වැපිරීම අද විද්‍යුත් මාද්‍ය වල ප්‍රධානම ආදායම් මාර්ගය  වී තිබේ .උදේ වරුවම ඔවුන් බොහෝ විට ඒ  සදහා වෙන්කරනු ලබයි.  ජනතාව නොමග යවා හෝ සිය මඩිය තරකර ගැනීම මෙමගින් සිදුකරනු ලබයි. සිය වගකීම් පිළිබද අවධානය යොමු නොකරයි .



06.බොහොමයක් නාලිකාවන් වර්තමානයෙදී ඉහල රේටින් අගයක් ලබා ගැනීම උදෙසා කුමක් හෝ ජරාවක් විකාශය කිරීමට පෙලබී ඇත. ඒ මන්දයත් රේටින් අගය වැඩි වූ විට ලැබෙන වෙළද දැන්වීම් ඉහල යන බැවිනි.ඒ නිසා අඩු මුදලට විදෙස් රටවලින් ගෙන්වා අප රටට නොගැලපෙන නාට්‍ය පෙන්වීමට ඔවුන් හුරුව ඇත .



07. ශ්‍රී ලංකාව තුල පවතින ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා ,සිංහල නාලිකා වලට වඩා ප්‍රශස්ත තත්වයක පැවතියත් ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි මාද්යයේ රූපවාහිනි නාලිකාවක දැවැන්ත අඩුවක් පවතී .ආර්ට් ටීව් නාලිකාව තිබුනද එහි ආවරණ කලාපය ඉතා අඩුය .



08.රූපවාහිනි ඩිජිටල් කරණය ලංකාවට සිහිනයක් වී ඇති බවක් පෙනෙයි .ලොව බොහෝ රටවල් රූපවාහිනි ඩිජිටල් කරණය කර ඇති අතර නොර්වේ රාජ්‍යය සිය ගුවන් විදුලි නාලිකාද ඩිජිටල් කර ඇත .නමුත් ලංකාවේ රාජ්‍ය අංශයේ දුර්වලතාව නිසා මෙය අදාළ වී ඇත .



ඉතින්  මෙවැනි අඩුපාඩු රාශියක් අපට නුතන විද්‍යුත් මාද්‍ය  කලාව තුල අපට දැකගත හැකිය .මෙම අඩුපාඩු නිරාකරණය කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යාවශ්‍යය .එමෙන්ම අදාළ මාද්‍ය ආයතනවලටද මෙය පිලිබදව ඍජු වගකීමක් පවතී .එනිසා සියලු පාර්ශව මෙම තත්වය මනාව අවබෝධ කරගෙන යහපත් විද්‍යුත් මාද්‍ය සංස්කෘතියක් ඇති කිරීමට උත්සුක විය යුතුය .

සංවාදයට විවුර්තයි. 
තවත් ලිපියකින් හමුවෙමු .!